අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නේපාල භූමිකම්පාවෙන් මිය ගිය ප්‍රමාණය 3000 ඉක්මවයි

    අප්‍රේල් 27, 2015

    නේපාලයේ සිදුවූ දරුණු භූමි කම්පාව හේතුවෙන් මේ වන විට මිය ගිය ලෙස හඳුනාගත් ප්‍රමාණය 3218ක් වන බව නේපාල රජයේ ආපදා කලමණාකරණ ඒජන්සිය විසින් ප්‍රකාශයට පත් කර ඇත. එසේම තුවාල ලද පිරිස 6,500 ද ඉක්මවා ඇතැයි වාර්තා වේ.

    රික්ටර් මාපක අංක 7.8 ක දරුණු භූමිකම්පාව හේතුවෙන් පසු කම්පන තත්ත්වයන්ද ඇති වන බැවින් මේ වන විටත් හිමාලය කඳු ආශ්‍රිතව හා අසල්වැසි ඉන්දියාවටද එහි බලපෑම ඇතිවී ඇත.

    අද දින කාලගුණය පැහැදිලිව පවතින නිසා හෙලිකොප්ටර් මගින් අදාල සහන සේවා කණ්ඩායම් හරහා තුවාල සිදු වූ හිමාලයේ කඳු නගින්නන් බේරා ගැනීමේ මෙහෙයුම්ද දියත් කර ඇති බව කත්මන්ඩු නුවර BBC සේවය විසින් වාර්තා කරනු ලැබීය.

     

    එසේම නිවාස, ගොඩනැගිලි ආදිය කඩා වැටීමෙන් ද විශාල පිරිසක් අනතුරට පත්ව ඇත.

     

    සමහර ගම්මාන ආශ්‍රිත ජීවත් වූ ජනතාව මත විශාල පර්වත ආදිය පෙරලීම නිසා පුද්ගලයන් 100, 200, හෝ 1000ක පමණ ප්‍රමාණයක් පණපිටින්ම වැලලී යන්නට ඇතැයි ද අනුමාන කෙරේ.

     

    තවද රජයේ හා පෞද්ගලික රෝහල් වලට ඇතුලත් කළ රෝගීන් ප්‍රමාණය අධික වීම නිසා රෝහල් කාර්ය මණ්ඩලයද කාර්ය බහුලත්වයට පත්ව ඇත. එසේම හිමාල කඳු තරණයේ නිරත වී සිටි පුද්ගලයන් 60 පමණ තුවාල ලබා ඇති අතර තවත් බොහෝ දෙනෙක් මේ වන විටත් අතුරුදහන්ව ඇති බවත් BBC වාර්තා කරයි.

    යුනෙස්කෝව විසින් නේපාලයේ කත්මණ්ඩු නිම්නයේ නම් කර ඇති ලෝක උරුම ස්ථානයන් කීපයක්ද මේ නිසා විනාශයට පත්ව ඇත. එය නේපාලයේ සංචාරක කර්මාන්තයට ප්‍රබල ලෙස බලපානු ඇත.

     

    මේ වන විට නේපාලය වෙත ආහාර පාන හා පානීය ජලයේ අවශ්‍යතාවය ද ඉහළ ගොස් ඇත. එසේම මෙම විපත හේතුවෙන් අසරණ භාවයට පත් ජනතාවට අවශ්‍ය කරන වෛද්‍ය පහසුකම්ද කඩිනමින් ලබා දිය යුතුව ඇත. සරම්ප, අතීසාරය වැනි රෝග ඉතා ඉක්මනින් මෙම අවතැන් වු ජනතාව අතර පැතිර යාමේ අවධානමද මේ වන විට පැන නැගී ඇත.
    මූලාශ්‍රය - BBC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya