“පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් (ඉවත් කිරීමේ)” පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා වෙත ලැබී තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව යටතේ අභියෝගයට ලක් කර තිබූ මෙම පනත් කෙටුම්පතේ කිසිදු විධිවිධානයක් ව්‍යවස්ථාවට අනනුකූල නොවන බවත්, එය පාර්ලිමේන්තුවේ සරල බහුතරයෙන් සම්මත කළ හැකි බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බව කථානායකවරයා අද (06) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.


