පාර්ලිමේන්තුව අද රැස්වෙයි

පාර්ලිමේන්තුව අද රැස්වෙයි
  • SocialShare:

පාර්ලිමේන්තුව අද (06) පෙ.ව 9.30ට රැස් වෙයි.

පෙ.ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇති අතර  පෙ.ව 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහායි වෙන් කර තිබේ

ඉන්පසු පෙ.ව 11.30 සිට ‍ප.ව 5.00 දක්වා කාලය වෙන් කර ඇත්තේ අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් පස්දෙනෙකු සඳහා ශෝක යෝජනා ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අනුව අභාවප්‍රාප්ත හිටපු මන්ත්‍රීවරයන් වන ආර්. සම්බන්ධන්, කෝසල නුවන් ජයවීර, ජේ. ආර්. පී. සූරියප්පෙරුම, මාවෙයි සේනාධිරාජා සහ ඩොනල්ඩ් දිසානායක යන මහත්වරුන් වෙනුවෙන් එදින ශෝක යෝජනා ඉදිරිපත් කිරීමට නියමිතයි.

අනතුරුව ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ ඉදිරිපත්කරනු ලබන ප්‍රශ්න සඳහා කාලය වෙන්කර ඇත.