ඉදිරියේදී රජය සතු ආර්ථික මධ්‍යස්ථාන ක්‍රිියාවලිය වඩා විධිමත් කිරීමට කටයුතු කරන බව වෙළෙඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය.
අද(06) පාර්ලිමේන්තුවේදී රජය සතු ආර්ථික මධ්‍යස්ථාන විධිමත් කිරීම සඳහා ගනු ලබන පියවර සම්බන්ධයෙන් යොමුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් වෙළෙඳ අමාත්‍යවරයා මේ බව පැවසීය. දිවයිනේ විවිධ පළාත්වල පිහිටි ආර්ථික මධ්‍යස්ථාන ඒකාබද්ධ කරමින් මෙම නව වැඩසටහන ක්‍රියාත්මක කරන බවත්, ඩිජිටල් පුවරු ඔස්සේ දඹුල්ලේ එළවළු මිල ගණන් නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයට දැන ගැනීමට ඩිජිටල්කරණ වැඩසටහනක්ද ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා කීය. අවිධිමත් ලෙස විසිරී ඇති මෙම ආර්ථික මධ්‍යස්ථාන විධිමත් කිරීමේ ක්‍රියාවලිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බවද කීය.
විධිමත් ලෙස කළමනාකරණය කර ඩිජිටල් පුවරුවක් හරහා දඹුල්ලේ එළවළු මිල ගණන් නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථාන වලට දැනගත හැකි පරිදි මෙය සකස් කරන බවද කීය. එළවළු මිල ඉහල යාමට එක් ප්‍රධාන හේතුවක් වන්නේ ප්‍රවාහනයේදී එළවළුවලට සිදුවෙන හානිය බවත්, එම හානිය වැලැක්විම සඳහා කටයුතුකළ යුතු බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. දිවයින පුරා පිහිටි ආර්ථික මධ්‍යස්ථාන දහතුනම සම්බන්ධ කර ගනිමින් පැවැත්වෙන රැස්වීමක් එළඹෙන 09 වෙනිදා පැවැත්වෙන බවද කීය.
ලුණු ආනයනය සම්බන්ධයෙන් යොමුකළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින්, මේ වන විට මෙට්ට්‍රික්ටොන් 15,800කට ආසන්න ලුණු ප්‍රමාණයක් මෙරටට පැමිණ ඇතැයිද කීය. ලුණු ආනයනය සඳහා වෙළෙඳපොළ විවෘත කළ පසු ලුණු මෙට්ට්‍රික් ටොන් 268,000ක් ආනයනය කිරීම සඳහා අවසර අරගෙන ඇති බවත් , වෙළෙඳපොළ වැඩි මිලට විකුණනවා නම් හෝ වැඩි මිලට ලුණු විකිණීමෙන් පාරිභෝගිකයාට යම් බලපෑමක් ඇත්නම් එය වැලැක්වීම සඳහාද කටයටුතු කරන බව කීය.