තැපැල් දෙපාර්තමේන්තුව ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
අද(06) පාර්ලිමේන්තුවේදි මඩකලපුව දිස්ත්‍රික්කයේ තැපැල් කාර්යාල සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා යොමුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසිය.
තැපැල් දෙපාර්තමේන්තුවේ වාහන ප්‍රමාණවත් නොවීම, කාර්ය මණ්ඩල ගැටලු තිබෙන බවත් අයවැයෙන් වෙන් වූ මුදල් ඒ සඳහා යොදවන බවත් අමාත්‍යවරයා කීය. ඇතැම් උප තැපැල් කාර්යාලවලින් එතරම් ආදායමක් නොලැබෙන බවත්, එහෙත් භූ ගෝලිය පිහිටීම අනුව එවැනි ප්රදේශවලද උප තැපැල් කාර්යාල පවත්වාගැනීම වැදගත් නිසා එම තැපැල් කාර්යාල පවත්වාගෙන යන බව අමාත්‍යවරයා කීය. එවැනි තැපැල් කාර්යාල සම්බන්ධයෙන් මේ වනවිට තැපැල් දෙපාර්තමේන්තුව සමාලෝඡනයක් සිදුකරන බවද කීය.
රුපියල් මිලියන 600ක මුදලක්, තැපැල් කාර්යාල 12ක්, උප තැපැල් කාර්යාල 02ක් සහ තවත් තැපැල් කාර්යාල කිහිපයක් නවීකරණය කිරීම සඳහා මෙවර අයවැයෙන් රු.මි 600ක මුදලක් වෙන් වී ඇතැයිද කීය.