වරායේ සිදුව ඇති මහා පරිමාණ දූෂණ සහ වංචා සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණ පටන්ගෙන ඇතැයි ප්‍රවාහන, මහාමාර්ග , වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.
අද(06) පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා යොමුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
වරායෙන් නිදහස් කළ බහාලුම් 323සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වන බවද අමාත්‍යවරයා කීය. වරායේ බහාලුම් කිසිම බලපෑමක් මතනිදහස් වෙන්නේ නැති බවත්, ඉතිහාසයේ එහෙම තිබුණත් වර්තමානයේ එසේ වන්නෙ නැතැයිද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය.
වරාය සම්බන්ධයෙන් රාජපක්ෂලා, වික්‍රමසිංහලා විශාල අපරාධ සිදුකර තිබෙනවා. නැගෙනහිර ජැටිය පටන්ගන්න තිබුණේ 2023දී. මොවුන් ආර්ථික ඝාතකයෝ. වරායට අලුත් සේවකයෝ අපි බඳවාගෙන නැහැ. ඉන්න සේවකයින්ගෙන්ම තමයි කටයුතු කරන්නේ. අපි උපරිමයෙන් මැදිහත් වෙලා මෙම ගැටලු විසඳන්න කටයුතු කරනවා.
කොළඹ වරායේ සංවර්ධණ කටයුතු සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ,ෙ කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය කිරීමට කටයුතු සිදුකරන බවත් ඒ සඳහා ආයෝජන කැඳවීම් කිරීමට තීන්දු කර ඇති බවයි. කොළඹ වරායේ උතුරු වරායේ ශඛ්‍යතා අධ්‍යනය අවසන් කර ඇතැයිද කීය. නැගෙනහිර පර්යන්තයේ 50%ක් මෙම වසරතුළදී අවසන් කිරීමට සැලසුම් කර ඇතැයිද කීය. ගාල්ල වරාය සංවර්ධනය කිරීම සඳහා සැලසුම් කර ඇති බවත් අමාත්‍යවරයා කීය. මීට අමතරව ත්‍රිකුණාමල සහ කන්කසන්තුර වරාය සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් කටයුතු කරගෙන යනබවද කීය.