මාතර ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක ඇති වී තිබෙන සිදුවීම සම්බන්ධයෙන් මැදිහත්වීමට අමාත්‍යාංශ ලේකම්වරයාට සහ කම්කරු කොමසාරිස්වරයාට උපදෙස් ලබා දුන් බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පැවසීය.
අද(09) පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට පැනවූ තීරු බදු හේතුවෙන් අවුරුදු බෝනස් දීමනාව ලබාදීමට නොහැකි බව පැවසීම හේතුවෙන් මාතර ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක මෙම සේවක නොසන්සුන්තාවය ඇති වී තිබෙන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් මාතර කම්කරු කාර්යාලයේදි ඊයේ පැවැත් වූ බවත්, අද දිනයේ නැවතත් සාකච්ඡාවක් පවත්වන ඒ මහතා වැඩිදුරටත් පැවසීය.