බිත්තර සඳහා අලුතින් වැට් බදු පනවා නැහැ

බිත්තර සඳහා අලුතින් වැට් බදු පනවා නැහැ
  • SocialShare:

රජය බිත්තර සඳහා නව වැට් බදු පනවා නැති බවත්, ජනතාවට සහ නිෂ්පාදකයන්ට සහණ ලබාදීමට රජය උත්සාහ කටයුතු කරමින් සිටින බව මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම මහතා අද(09) පාර්ලිමේන්තුවේදි පැවසීය.

එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

රජය විසින් වැට් වැඩිකර බිත්තර මිල වැඩිකළ බවට ඇතැමුන් නිර්වචන ඉදිරිපත්කරන බවත් එය වැරිද මතයක් බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
2024 ජනවාරි සිට පිරිසැකසුම් නොකළ කෘෂි නිෂ්පාදන යටතේ, සත්ව නිෂ්පාදන ආශ්‍රිතව බිත්තර සහ කුකුල්මස්වලට වැට් ගෙවිය යුතු වුණා. ඒ අනුව බිත්තර, කුකුල්මස් ආදී සත්ව නිෂ්පාදන සඳහා පනවා තිබූ වැට් සම්බන්ධයෙන් සමාජයේ යම් කතාබහහක් ඇතිවුණා. කෘෂි නිෂ්පාදන සහ සත්ව නිෂ්පාදනවලට සම්බන්ධ වූ නිෂ්පාදකයන්ට යම් අසාධාරණයක් සිදු වුණා. ඇතැමුන් බිත්තර වලට වැට් ගහනව කියලා වැරදි මතයක් ගොඩ නගන්න උත්සාහ කළා. නමුත වර්තමාන ආණ්ඩුව උත්සාහ කළේ 2024 සිට සත්ව නිෂ්පාදන යටතේ බිත්තර වලට පනවා තිබූ වැට් වලින් නිදහස් කරන්න.

මේ වන විට වෙළෙඳපොළ බිත්තර මිල වැඩි වී තිබෙනවා. රජය විසින් වැට් වැඩි කර බිත්තර මිල වැඩිකළ බවට හුවා දක්වන්න ඇතැමුන් උත්සාහ කරනවා. නමුත් එය වැරදි මතයක්. රජය කිසිවිටෙකත් බිත්තර වලට අලුතින් වැට් බදු පනවා නැහැ.

බිත්තර නිෂ්පාදකයෙක් තමන්ගේ වාර්ෂික පිරිවැටුප රුපියල් ලක්ෂ 600ට වැඩි නම් තමයි වැට් බද්දට යටත් වන්නේ. ඒ කියන්නේ කාර්තුවට රුපියල් ලක්ෂ 150ට වැඩි නම්. වැට් බදු නොගෙවන කෙනෙකුට වැට් බද්දට ලියා පදිංචි වීමේ තහනමක් නැහැ. සත්ව නිෂ්පාදන වල වැඩි වියදමක් යන්නේ නිෂ්පාදන පිරිවැයට. එ් කියන්නේ සත්ව ආහාරවලට.එය ඉන්පුට් ටැක්ස් එකෙන් අරගෙන තමන්ගේ නිෂ්පාදන වියදම අඩු කර ගන්න.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.