ආගමික විෂයන් ඉගැන්වීමට පවතින ගුරු පුරප්පාඩු පිරවීමට පියවර

ආගමික විෂයන් ඉගැන්වීමට පවතින ගුරු පුරප්පාඩු පිරවීමට පියවර
  • SocialShare:

ආගමික විෂයන් ඉගැන්වීම සඳහා පවතින සීමිත ගුරු පුරප්පාඩු සංඛ්‍යාවට විද්‍යාපීඨවලින් පිට වන ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් බඳවා ගන්නා බව අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන ඇමැති ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේන්තුවේ දී අද (28) පැවසුවාය.

2025 මාර්තු මස විද්‍යාපීඨවලින් පිට වන ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් වෙත අදාළ ගුරු පුරප්පාඩු වෙන් කර තැබීමට සිදු වීම නිසා ධර්මාචාර්ය සමතුන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීම සඳහා 2019 මැයි මස 25 වැනිදා පැවැත්වූ තරග විභාගයේ ප්‍රතිඵල මත මෙම බඳවා ගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙතින් 2024 සැප්තැම්බර් 25 දිනැතිව උපදෙස් විමසා යවා ඇතැයි ද අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළාය.