අයවැය කාරක සභා විවාදය අද සිට

අයවැය කාරක සභා විවාදය අද සිට
  • SocialShare:

පාර්ලිමේන්තුව අද පෙ.ව 9.30ට රැස් වෙයි.

අයවැය කාරක සභා අවස්ථාවේ  විවාදයේ පළමු දිනය අදයි.

කාරක සභා අවස්ථා විවාදය අද පෙරවරු 10 සිට පස්වරු 6 දක්වා පැවැත්වීමට නියමිත අතර ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ වැය ශීර්ෂයන් ඇතුළු මුදල් අමාත්‍යාංශයට අදාළ වැය ශීර්ෂයන් පිළිබඳ විවාදය එහිදී සිදුකිරීමට නියමිතය. කාරක සභා අවස්ථා විවාදය  අද(27) සිට මාර්තු 21 වැනිදා දක්වා දින 19 ක් පැවැත්වේ.

මේ අනුව 2025 මූල්‍ය වර්ෂය සදහා වන අයවැය තෙවනවර කියවීමේ ඡන්ද විමසීම මාර්තු 21 වැනි ප.ව 6.00 ට පැවැත්වීමට නියමිතය.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.