පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට අදාළ ඉල්ලීම් සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කරමින් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පැවසුවේ, ඒ සම්බන්ධව සුදුසු ක්‍රියාමාර්ග ගැනීම සඳහා වැඩ බලන පොලිස්පතිවරයා වෙත එම ඉල්ලීම යොමු කර ඇති බවයි.
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් විසින් ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධව අවශ්‍ය කටයුතු කරන ලෙස වරින් වර තමා වෙත යොමු කරන ලද ඉල්ලීම් පිළිබඳව සලකා බැලීමෙන් අනතුරුව ඒ සම්බන්ධව පොලිස්තපතිවරයා වෙත යොමුකළ බව කථානායකවරයා අද(21) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.