මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉබෝලා මර්දනයට එන්නතක්

    ජනවාරි 13, 2015

    ඉබෝලා වසංගතය මර්දනය සඳහා නව එන්නතක් භාවිත කිරීමට අපේක්ෂා කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරයි.

    ස්වකැමැත්තෙන් ඉදිරිපත් වූ ඉබෝලා රෝගීන් කිහිප දෙනෙකු යොදා ගනිමින් මෙම එන්නත භාවිතඑ කිරීමේ ආරක්ෂිත බව හා දක්වන ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයක් උත්පාදනය කිරීම පිළිබඳ ව පරීක්ෂණයක් සිදු කර ඇත. තවදුරටත් බටහිර අප්‍රිකාවේ ඉබෝලා රෝගීන් හා සාමාන්‍ය මිනිසුන් ඇතුළු සෞඛ්‍ය සේවකයන් දහසක් පමණ යොදා ගනිමින් මෙම පරීක්ෂණය සිදු කිරීමෙන් එන්නත පිළිබඳ සෞඛ්‍ය ආරක්ෂාව සහ ප්‍රතිචාරය නිරීක්ෂණය කිරීමට නියමිතය. තවමත් ඉබෝලා රෝගයට එරෙහි ව සටන් කිරීමේ හැකියාව හා සෞඛ්‍ය ආරක්ෂාව ද මෙම එන්නත කෙතරම් කාලයක් ක්‍රියාත්මක වන්නේදැයි පැහැදිලි වශයෙන් තහවුරු වී නැත.
     
    මෙම ඉබෝලා එන්නත අවශ්‍ය ජනතාවට එය තහවුරු කර ලබා දෙන තෙක් අපේක්ෂාවෙන් පසු වෙන බව ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහය අධ්‍යක්ෂක වෛද්‍ය Marie-Paule Kieny ප්‍රකාශ කර ඇත. 
     
    ජනවාරි අවසානයේ ලයිබීරියාව මෙම එන්නත පරීක්ෂණය ආරම්භ කිරීමට බලාපොරොත්තුවන අතර සියෙරා ලියොන් සහ ගිනියාව පෙබරවාරි  මුල් භාගයේ මෙය ආරම්භ කිරීමට නියමිතය. විශේෂයෙන් සියෙරා ලියොන් විසින් සෞඛ්‍ය ආරක්ෂක සේවකයන් යොදා ගෙන මෙම පරීක්ෂණය සිදු කිරීමට අවධානය යොමු කරනු ඇත.
     
    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya