මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන්‌ මුදවාලීම සඳහා “සුවසාර කැදල්ල“ ප්‍රජා පාදක පුනරුත්ථාපන මධ්‍යස්ථානය කොටහේනේදී ආරම්භ කෙරේ

    මැයි 08, 2024

    මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන්‌ මුදවාලමින්‌ ඔවුන්‌ සඳහා සුරක්ෂිත අනාගතයක්‌ නිර්මාණය කිරීම උදෙසා “සුවසාර කැදල්ල” ප්‍රජා පාදක පුනරුත්ථාපන හා ප්‍රතිකාර මධ්‍යස්ථාන 250ට අධික සංඛ්‍යාවක් රට පුරා ස්ථාපිත කිරීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.

    අද (08) කොටහේන, පරමානන්ද විහාරස්ථානයේ දී සංවිධානය කර තිබූ,  “සුවසාර කැදල්ල” ප්‍රජා පාදක පුනරුත්ථාපන හා ප්‍රතිකාර මධ්‍යස්ථාන පිහිටුවීමේ ප්‍රධාන වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ,

     අපි රටේ ජනතාව අපේ රටේ දූ දරුවන් බේරගන්න තමයි මේ මෙහෙයුම පටන් ගත්තෙ. ඒ මෙහෙයුම කරගෙන ගියාම තේරුණා අපි නව වැඩපිළිවෙළවල් කරන්න ඕන කියල.ඒ අනුව තමයි මේ වැඩපිළිවෙළ පටන් ගත්තෙ අපේ ස්වාමීන් වහන්සේලා වෙනත් ආගමික පූජකවරුන් සමඟ සාකච්ඡා කරලා මෙවැනි මධ්‍යස්ථාන 256 ක් ස්ථාපිත කරන්න කටයුතු කරගෙන යනවා. අද තමයි ඒකේ ආරම්භය කොළඹ දිස්ත්‍රික්කයේ ආරම්භය අපි කුඩු විකුණන අය කුඩු ගේන අය නැති කරන ගමන් අවාසනාවකට මේවා පාවිච්චි කරන්න පුරුදු වෙච්ච අය බේරගන්න තමයි මේ පුනරුත්ථාපන කඳවුරු වැනි දේවල් පටන් ගන්නේ.අපේ දූ දරුවන් වෙනුවෙන් වැඩ කොටස් දෙකක් කරනවා.

    එකක් ඔබ සියලු දෙනාට මේ නරක දේවල් පුරුදු කරන අය අපි සමාජයෙන් ඒ වැඩ වලින් අයින් කරනවා.අනික් පැත්තෙන් මේ පුරුදු වෙලා ඉන්න අයට අපි වැඩපිළිවෙළක් යොදනවා අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය සභාපතිතුමත් එකතුව අපේ අමාත්‍යංශය යටතට තියෙන මණ්ඩලයක්.මෙවැනි පුනරුත්ථාපන ස්ථාන ස්ථාපිත කරලා නිලධාරීන් සමග ඔබලාට අවශ්‍ය දේශන පවත්වල සියලු ආහාරපාන අපේ ස්වාමීන් වහන්සේලාත් පූජකතුමන්ලත් එකතුවෙලා ඒවා සපයලා අපි ඒ විදිහට මේ වැඩකටයුතු කරගෙන යන්නේ.

    අපිට ඕන මේ රටේ අම්මල තාත්තලා දූ දරුවන්ගේ මේ තියෙන ප්‍රශ්න විසඳන්න යැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

     මත්ද්‍රව්‍ය ජාලයට එරෙහිව සිදුකරනු ලබන මෙහෙයුම් නිසා තමාට අමාත්‍යධූරයෙන් ඉවත්වන ලෙස මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබදතා පවත්වන ඇතැමුන් බලපෑම් කරන බව මහජන ආරක්ෂක අමාත්‍යවරයා පැවසීය. පොලිසිය ගෙනයන මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධකරුවන් මර්දනය කිරීමේ වැඩපිළිවලට අකමැති පුද්ගලයන් එය කඩාකප්පල් කිරීම සදහා කළ හැකි සෑම දේම සිදුකරන බවද අමාත්‍යවරයා කීය. අමාත්‍යවරයා විසින් උත්සවයකදී කළ කතාවක් හේතුවෙන් කුඩු ජාවාරම්කරුවන්ට සම්බන්ධ පිරිස තමාට අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වෙන්නැයි පවසන බවත් අමාත්‍යවරයා පැවැසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya