මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිල්වලා ගග ආශ්‍රිත ගැටලුව නිසා බලපෑමට ලක් වූ ජනතාව සමග සාකච්ජා කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හෙට රැස් වෙයි.

    මැයි 08, 2024

    මාතර නිල්වලා ගඟ ලවණ බාධකය හේතුවෙන් උද්ගතව ඇති ගැටලුවට තිරසර විසඳුමක් ළඟා කර ගැනීමට, ඒ සම්බන්ධයෙන් පත්කර ඇති පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ දී ජනතාවාදී තීන්දුවක් ලබා ගැනීමට අපේක්ෂා කරන බව වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කරයි.

    අමාත්‍යවරිය මේ බව කියා සිටියේ මාතර නිල්වලා ගඟ හරහා ඉදිකර ඇති ලවණ බාධකය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව, මාතර දිස්ත්‍රික් ලේකම් කාර්‍යලයේ දී පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි.

    අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඊයේ (07) නිල්වලා ගඟ ලවණ බාධකය නිරීක්ෂණය සඳහා පැමිණි අතර, ඊට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන
    ඩලස් අලහප්පෙරුම, වීරසුමන වීරසිංහ, නිපුන රණවක ඇතුළු මහජන නියෝජිත මහත්ම මහත්මීහු එක්ව සිටිය හ.

    නිරීක්ෂණ සංචාරයෙන් අනතුරු ව, මාතර දිස්ත්‍රික් ලේකම් කාර්‍යලයේ පැවැති සාකච්ඡාවේදී අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි කියා සිටියේ, මෙම ගැටලුව සම්බන්ධයෙන් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ද පත් කළ බවයි. එම සභාව රැස්වී අදාල ගැටලුව ට විසඳුමක් යෝජනා කිරීම සඳහා රුහුණු විශ්ව විද්‍යාලය මූලිකත්වයෙන් සියළු විශ්ව විද්‍යාල වල සහාය ලබාගෙන අධ්‍යයනයක් කර වාර්තාවක් කැඳවීමට ද පියවර ගත් බව අමාත්‍ය වරිය කීවා ය. වන්නිආරච්චි මහත්මිය තවදුරටත් මෙහිදී පෙන්වා දෙමින් නිල්වලා ගඟ ලවණ බාධකය හේතුවෙන් මතුවී ඇති ගැටලුවලට තිරසර විසඳුමක් ළඟා කර ගැනීම සඳහා සියළු ආයතන ඒකාබද්ධව ජනතාව ට පිළිගත හැකි, විසඳුමක් වෙත අවතීර්ණ විය යුතු බව පැවසුවා ය.

    ජනතාව ගේ මෙම ඉල්ලීම් සාධාරණ බවත්, සඳහන් කළ වන්නිආරච්චි මහත්මිය, පානීය ජලය මාතර ජනතාව ට ගැටලුවක් බව ද කියා සිටියා ය. එබැවින්, මේ සඳහා විසඳුමක් ලබා ගැනීමේ දී ස්වාධීන නිරීක්ෂණයකින් අනතුරුව තීන්දු තීරණ වලට එළඹිය යුතු බව ද කියා සිටියා ය. නිල්වලා ගඟ හරහා ඉදිකර ඇති ලවණ බාධකය සම්බන්ධයෙන් ජල සම්පාදන මණ්ඩලය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව ලබා දී ඇති වාර්තා වල පවතින පරස්පර තා හේතුවෙන් තවදුරටත් අවසන් තීන්දුවකට ළඟාවීම ගැටලුවක් බව කියා සිටි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, මේ සම්බන්ධයෙන් පත්කර තිබෙන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව රැස් වී මාතර ජනතාව ට පිළිගත හැකි ජනතාවාදී තීන්දුවක් ළඟා කර ගැනීමට අපේක්ෂා කරන බවද වැඩිදුරටත් පෙන්වා දුන්නා ය.

    මෙම සාකච්ඡාව සඳහා වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් සමන් දර්ශන පාඬිකෝරාළ මහතා, මාතර දිස්ත්‍රික් ලේකම් ගනේශ් අමරසිංහ මහතා, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු අජිත් ගුණසේකර මහතා මෙන්ම වාරිමාර්ග, ජල සම්පාදන, ගොවිජන සේවා, ආපදා කළමනාකරණ ඇතුළු රාජ්‍ය ආයතන නිලධාරීන් සහ මාතර දිස්ත්‍රික්කයේ ගොවි සංවිධාන නියෝජිතයින් රැසක් එක්ව සිටිය හ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya