මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් විදේශ ප්‍රතිපත්තියේ ස්වර්ණමය යුගයක් බිහි කිරීමට සමත්ව තිබෙනවා - විදේශ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය

    මැයි 08, 2024

    විදේශ ප්‍රතිපත්තියේ ස්වර්ණමය යුගයක් බිහි කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයට හැකිව තිබෙන බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසුරිය මහතා පැවසීය.

    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (08) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී ය.

    පසුගිය සති කිහිපය පුරාවට මෙරටට පැමිණි බලවත් රටවල රාජ්‍ය නායකයින්, විදේශ රාජ්‍ය නියෝජිතවරුන්  පැමිණීමත් ඔවුන් මෙරටේ ඉදිරි අනාගතය පිළිබඳව සාධනීය ලෙස තැබිය හැකි ඉදිරි පියවරයන්ට අනුග්‍රහය දැක්වීමට සහාය පළ කරන්නට කැමැත්ත පළ කර තිබේ.

    මෙරට ජනාධිපතිවරයාගේ ආරාධනයෙන් ඉරාන ජනාධිපති ඉබ්‍රහිම් රයිසි මහතාගේ මෙරටට සම්ප්‍රාප්තියත් සමඟ උමා දිය ජනනී බහුකාර්ය ජල ව්‍යාපෘතිය ආරම්භ වීමත්, ජපාන විදේශ කටයුතු අමාත්‍ය යෝකෝ කමිකාවා මහත්මියගේ පැමිණීමත් සමඟ ශ්‍රී ලංකාවට සුවිශේෂී ප්‍රතිලාභ රැසක් ලැබීමට ද නියමිතව තිබේ.

    වර්තමාන රජය ඉතාම සුහඳව වෙනත් රටවල් සමඟ කටයුතු කරන බවත්, එමඟින් මෙරට ආර්ථිකයේ ඉදිරි කටයුතු කෙරහි සාධනීය පියවරවල් රැසක් තැබීමට හැකිව තිබෙන බවත් රාජ්‍ය අමාත්‍යවරයා මෙහි දී පැවසිය.

    එමෙන්ම, පසුගිය දා එක් දින නිල සංචාරයක නිරත වූ ජපාන විදේශ අමාත්‍යවරිය විසින් වඩාත් ඵලදායක සාකච්ඡා වට කිහිපයක් ජනාධිපති, අගමැති අතර පැවතුනු බවත්, එහි දී මෙරට ආර්ථිකය යථාතත්වයට ගැනීම, විවිධ ජන කොට්ඨාස අතර සංහිදියාව ඇති කිරීම, කාල විපර්යාස පිළිබඳව වත්මන් රජයේ අවදානය මෙන්ම කලාපීය වශයෙන් සිදු වන අභියෝග කෙරෙහි රජය ක්‍රියාත්මක වන ආකාරය පිලිබඳ විශේෂයෙන් අවධානය යොමු වූ බව හෙතෙම මෙහි දී සඳහන් කෙරිණි.

    ජපන් ආධාර මත මෙරට ක්‍රියාත්මක වීමට තිබු ව්‍යාපෘති 12 ක් මේ වන විට නවතා දමා තිබෙන අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීම ඉක්මනින් සිදු කර ආර්ථිකය නැවත කඩා නොවැටෙන ලෙස පවත්වාගෙන කළමනාකරණය කරගෙන යන බවට සහතික වන්නේ නම් නැවත එම ව්‍යාපෘති මෙරටට ලබා ගත හැකි බවට ජපන් විදේශ අමාත්‍යවරිය සඳහන් කළ බව ද රාජ්‍ය අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya