මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සාර්ක් හස්ත කර්මාන්ත ප්‍රදර්ශනය කත්මන්ඩු හිදී

    නොවැම්බර් 23, 2014

    මෙවර නේපාලයේ පවත්වන සාර්ක් සමුළුවට සමගාමීව සාර්ක් හස්ත කර්මාන්ත ප්‍රදර්ශනය හා හස්ත කර්මාන්ත වෙළෙඳ සැණකෙළිය කත්මන්ඩු හි බ්‍රිකුටිමණ්ඩප් (Bhrikutimandap) හිදී ලබන 27 දක්වා  පැවැත්වෙන බව නේපාල වාර්තා පවසයි.


    නේපාලයේ කර්මාන්ත අමාත්‍ය මහේෂ් බස්නට් (Mahesh Basnet) මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය බ්‍රහස්පතින්දා (21) ආරම්භ වූ මෙම දැවැන්ත හස්ත කර්මාන්ත ප‍්‍රදර්ශනය ලබන 25 වැනි දා දක්වා පැවැත්වේ. වෙළෙඳකුටි 209කින් ප්‍රදර්ශනය සමන්විත වේ.

     

    නේපාල හස්ත කර්මාන්ත සම්මේලනය Federation of Handicrafts Association of Nepal (FHAN), ශ්‍රී ලංකාවේ සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානය SAARC Cultural Centre Sri Lanka, සහ නේපාලයේ වාණිජ හා සැපයුම් අමාත්‍යංශය, කර්මාන්ත අමාත්‍යංශය එක්ව මෙම හස්ත කර්මාන්ත ප්‍රදර්ශනය සංවිධානය කරන්නේ අපනයන ප්‍රවර්ධනය සහ දේශීය හස්ත කර්මාන්ත වෙළෙඳපොළ වර්ධනය කර ගැනීමේ අරමුණිනි.‍


    ශී‍්‍ර ලංකාවෙන් හස්ත කර්මාන්තයේ නිපුණතා ඇති ශිල්පින් 8 දෙනෙකු මේ ප්‍රදර්ශනයට සහභාගී වන අතර, විවිධ හස්ත කර්මාන්ත අංශ නියෝජනය වන පරිදි එහි පැවැත්වෙන වැඩමුළුවට ද එම ශිල්පීහු සහභාගී වෙති.


    මෙම හස්ත කර්මාන්ත ශිල්පීන් සඳහා අදාළ ගුවන් ප‍්‍රවේශපත‍්‍ර ජාතික ශිල්ප සභා පරිශ‍්‍රයේදී එහි සභාපති බුද්ධි කීර්තිසේන මහතා අතින් පසුගියදා ප‍්‍රදානය කෙරිණි.


    HC/NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya