අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපතිට ආශිර්වාද කිරීමට බෙත්ලෙහෙමේ දී දිව්‍ය පූජාවක්

    නොවැම්බර් 18, 2014

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ 69 වන ජන්ම දිනය හා පදවි ප්‍රාප්තිය නිමිත්තෙන් ජනපතිට ආශිර්වාද කිරීම සඳහා දිව්‍ය පූජාවක් බෙත්ලෙහෙමේ ජේසුස් වහන්සේ උපත ලද ස්ථානයේ දේවස්ථානයේ දී නොවැම්බර් 22 වෙනිදා ප.ව. 03.00ට පැවැත්වේ.

     

    ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා පලස්තීන රාජ්‍යයේ ශ්‍රී ලංකා නියෝජිත කාර්යාලය හා එක්ව ‘බෙත්ලෙහෙමේ ශ්‍රී ලාංකීය මිතුරෝ‘ නම් පලස්තීන කණ්ඩායම විසින් මෙම දිව්‍ය පූජාව සංවිධානය කරනු ලබති.



    පලස්තීන සංචාරක ඇමති, බෙත්ලෙහෙම් ආණ්ඩුකාරවරයා සහ බෙත්ලෙහෙම් නගරාධිපති ඇතුළු ශ්‍රී ලංකා පලස්තීන මිතුරන් මෙම අවස්ථාවට සහභාගී වීමට නියමිතය.
     

    තානාපති සරත් විජේසිංහ, තානාපති කාර්යාලයේ සහ නියෝජිත කාර්යාලයේ  නිලධාරීන්, ටෙල‍් අවීව් සහ ජෙරුසලෙම් නගරවල රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන් ද මෙම දිව්‍ය පූජා යාගයට එක් වෙනු ඇත.


     
    2007 වසරේ පලස්තීන රාජ්‍යයේ ශ්‍රී ලංකා නියෝජිත කාර්යාලයක් ස්ථාපිත කළ පසු සෑම වසරකම ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජන්ම දිනයට බෙත්ලෙහෙමේ දී විශේෂ දිව්‍ය පූජාවක් පවත්වයි.


     
    2007 නොවැම්බර් 18 දින පලස්තීන රාජ්‍යයේ ශ්‍රී ලංකා නියෝජිත කාර්යාලය ඉදිරිපිට මාර්ගය “මහින්ද රාජපක්ෂ මාවත“ (“His Excellency Mahinda Rajapaksa Road.”) ලෙස නම් කරන ලදී.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya