අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "ගිරුවාපත්තුවෙන් තල් අරණට" පා පැදි සවාරිය අද සිට

    නොවැම්බර් 18, 2014
    පස්වැනි වරටත් සංවිධානය කරනු ලබන "ගිරුවාපත්තුවෙන් තල් අරඹට" පා පැදි සවාරිය අද (18) දයාශ්‍රිත තිසේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පුත්තලම නගර ශාලාව අසලින් ආරම්භ වී අවිස්සාවේල්ල ප්‍රධාන බස් නැවතුම්පොළ අසලින් අවසන් වේ.
     
    මෙවර පා පැදි සවාරිය අදියර තුනක් යටතේ පැවැත්වේ.
     
    දෙවැනි අදියර හෙට (19) අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අවිස්සාවේල්ලෙන් ආරම්භ වී තංගල්ල කාල්ටන් නිවස අසලින් අවසන් කෙරේ.
     
    තෙවැනි අදියර 20දා අමාත්‍ය චන්ද්‍රසිරි ගජධීර මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණය අසලින් ආරම්භ වී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරය අසලින් අවසන් කෙරේ.
     
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පදවි ප්‍රාප්තිය හා ජන්ම දිනය නිමිති කොට ගෙන මෙම පා පැදි සවාරිය වාර්ෂික ව සංවිධානය කරනු ලබයි.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya