අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සඳහා මනෝ උපදේශන වැඩසටහනක්

    නොවැම්බර් 12, 2014

    එළඹෙන එංගලන්ත එක් දින තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා පිල සූදානම් කිරීමට දින 17ක වැඩසටහනක් පැවැත්වීමට ක්‍රීඩා මනෝ වෛද්‍ය උපදේශක සහ හිටපු එංගලන්ත ක්‍රීඩක ජෙරමි ස්නැප් මහතා එකඟ වී ඇත.


    නොවැම්බර් 25 වන දින සිට දෙසැම්බර් 11 දක්වා ස්නැප් මහතා ශ්‍රී ලංකා පිල සමඟ නැවතී මෙම වැඩසටහන පැවැත්වීමට නියමිතය. 2015 ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම් කිරීම සඳහා ස්නැප් මහතාගේ මෙම වැඩසටහන පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර ඇත.

    ස්නැප් මහතා සිය ක්‍රීඩා දිවියේ එංගලන්ත පිල නියෝජනය කරමින් එක් දින තරග 10ක් සහ එක් T20 එක් තරගයක් ද අමතරව පළමු පෙළ තරග 121ක් ද ක්‍රීඩා කර ඇත. ඔහු ක්‍රීඩා මනෝ වෛද්‍ය උපදේශනය පිළිබඳ ආචාර්ය උපාධියක් ද ලබා ගෙන ඇති අතර එංගලන්තය, දකුණු අප්‍රිකාව සහ අයි.පී.එල්. හා බිග් බෑෂ් ලීග් වෙනුවෙන් මනෝ වෛද්‍ය උපදේශන සේවා ලබා දී ඇත.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya