කාණ්ඩ දෙකක් වශයෙන් මෙරටට පැමිණෙන නවසීලන්ත කණ්ඩායමේ ඊළඟ පිරිස හෙට (06) පැමිණීමට නියමිතව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සඳහන් කරයි.
වමත් දඟ පන්දු යවන මිචෙල් සැන්ට්නර්ගේ නායකත්වයෙන් යුතු නවසීලන්ත කණ්ඩායම සාමාජිකයින් 15 දෙනෙකුගෙන්සමන්විත වෙති. පළමුවෙන්ම පැවැත්වෙන පන්දුවාර විස්සයි-20 තරග 2 රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී නොවැම්බර් 09 සහ 10 යන දෙදින පැවැත්වෙන අතර අනතුරුව එක්දින තරඟාවලිය පැවැත්වෙනු ඇත.
තරග 3 කින් සමන්විත එක්දින තරඟාවලියේ පළමු තරගය ලබන 13 වැනිදා රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අතර අනතුරුව පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත දෙවැනි සහ තෙවැනි තරඟ නොවැම්බර් 17 සහ 19 යන දින වලදී පැවැත්වෙනු ඇත.