සැප්තැම්බර් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දෙවන ටෙස්ට් තරඟයත් එංගලන්තය ජය ගනී

    සැප්තැම්බර් 02, 2024

    සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවති දෙවන ටෙස්ට් තරඟයෙන් ද ලකුණු 190 ක ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම ඊයේ(01) සමත් විය.

    තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට එංගලන්ත කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් එහිදී පළමු ඉනිම සදහා ලකුණු 427 ක් රැස් කළේය.

    පන්දුවට පහරදීමේදී එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් Joe Root ලකුණු 143 ක් හා Gus Atkinson ලකුණු 118 ක් ලබාගත් අතර පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අසිත ප්‍රනාන්දු කඩුලු 5 ක් බිඳ හෙළීමට සමත් වුණා.

    පළමු ඉනිම සඳහා පන්දුවට පහරදීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 196 ක් පමණක් වන අතර පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් කමිඳු මෙන්ඩිස් ලකුණු 74 ක් ලබා ගත්තා.

    දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදීමට පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායම ලකුණු 251 ක් ලබාගත් අතර පන්දුවට පහරදීමේදී Joe Root ලකුණු 103 ක් රැස් කළ අතර පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අසිත ප්‍රනාන්දු හා ළහිරු කුමාර කඩුලු 3 බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.

    ජයග්‍රහණය සඳහා ලකුණු 483 ක දැවැන්ත ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 292 ක් පමණක් වන අතර පන්දුවට පහරදීමේදී දිනේෂ් චන්දිමාල් ලකුණු 58 ක් හා ධනංජය ද සිල්වා ලකුණු 50 ක් ලබා ගත්තා.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya