සැප්තැම්බර් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා 'A' පිල කලින්ම එක්දින තරගාවලිය ජය ගනී

    සැප්තැම්බර් 04, 2024

    තරඟ 3කින් සමන්විත නිල නොවන එක්දින තරගාවලිය යටතේ ශ්‍රී ලංකා 'A' කණ්ඩායම‍ සහ දකුණු අප්‍රිකානු 'A' කණ්ඩායම අතර පැවති දෙවන තරඟයෙන්ද ලකුණු 30ක ජයක් වාර්තා කරමින් තරඟ 3කින් යුත් තරඟාවලියේ ජය කලින්ම හිමිකර ගැනීමට ශ්‍රී ලංකා 'A' පිළ සමත් විය.

    පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා 'A' කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසනදී කඩුලු 7 කට ලකුණු 269 ක් වාර්තා කළ අතර දකුණු අප්‍රිකානු 'A' කණ්ඩායමට පිලට පන්දුවාර 41.1 කදී ලබා ගත හැකි වූයේ ලකුණු 239ක් පමණි.

    පන්දුවට පහර දීමේදී ළහිරු උදාර පන්දු 95 කදී ලකුණු 86 ක් සහ සහන් ආරච්චිගේ පන්දු 56 කදී ලකුණු 52 ක්ද සොනාල් දිනූෂ සහ චමිඳු වික්‍රමසිංහ පිළිවෙළින් ලකුණු 40 සහ 44 බැගින් රැස් කළහ. චමිඳු රැස් කරන ලද ලකුණු 44 සඳහා ඔහු පන්දු 35 ක් පමණක් වැය කරන ලද්දේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් ඉනිමට ඇතුළත් කර ගනිමිනි.

    කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වූ වමතින් පා දඟ පන්දු යවන ක්‍රීඩක දුෂාන් හේමන්ත පන්දුවාර 8 කදී කුණු 48 කට කඩුලු 5 ක් දවා ගත්තේය. ඔහුට අමතරව වනුජ සහන් ලලකුණු 52 කට කඩුලු 2 ක් දවා ගත්තේය.

    ශ්‍රී ලංකා 'A' කණ්ඩායම වෙනුවෙන් නායක මැතිව් බ්‍රිට්ස්කි පන්දු 80 කදී ලකුණු 74 ක් වාර්තා කිරීමට සමත් විය. ඒ අනුව තරඟ 3කින් යුත් එක්දින තරඟාවලිය 2-0ක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා පිල සමත් විය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya