සැප්තැම්බර් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුසල් වෙනුවට පැතුම් දෙවන ටෙස්ට් තරඟයට

    අගෝස්තු 29, 2024

    එංගලන්තය සමඟ අද(29) ආරම්භ වීමට නියමිත දෙවන ටෙස්ට් තරඟය සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම සඳහා පැතුම් නිස්සංක සහ ළහිරු කුමාර නම් කර තිබෙනවා.

    ඒ අනුව පලමු ටෙස්ට් තරඟය සඳහා සහභාගී වූ කුසල් මෙන්ඩිස් සහ විශ්ව ප්‍රනාන්දු දෙවන තරඟයෙන් ඉවත් කර ඇත. එංගලන්ත කණ්ඩායම ද ආබාධයකට ලක් වූ වේගපන්දු යවන ක්‍රීඩක Mark Wood වෙනුවට Olly Stone අද තරඟය සඳහා ක්‍රීඩා කරන කණ්ඩායමට නම් කර තිබේ.

    තරඟ 3කින් යුත් ටෙසට් තරඟාවලියේ දෙවන තරඟය අද සවස 3.00ට ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි. පලමු තරඟය කඩුලු 5කින් ජයගත් එංගලන්තය තරඟාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගෙන සිටිනවා.

    Sri Lanka: 1 Dimuth Karunaratne, 2 Nishan Madushka, 3 Pathum Nissanka, 4 Angelo Mathews, 5 Dinesh Chandimal, 6 Dhananjaya de Silva (capt), 7 Kamindu Mendis, 8 Milan Rathnayake, 9 Prabath Jayasuriya, 10 Asitha Fernando, 11 Lahiru Kumara

    England: 1 Dan Lawrence, 2 Ben Duckett, 3 Ollie Pope (capt), 4 Joe Root, 5 Harry Brook, 6 Jamie Smith (wk), 7 Chris Woakes, 8 Gus Atkinson, 9 Matthew Potts, 10 Olly Stone, 11 Shoaib Bashir

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya