සිව්දින සහ එක්දින තරග සඳහා නම් කරන ලද කණ්ඩායම් දෙකේම නායකත්වය සූරියබණ්ඩාරට ලබාදීම කැපී පෙනෙයි.
එක්දින තරග 3 ක් සහ සිව්දින තරග 2 ක් මෙම තරගාවලියට ඇතුළත්ව තිබෙන අගෝස්තු 31 වැනිදා සිට සැප්තැම්බර් 04 වැනිදා දක්වා එක්දින තරගාවලියත් සැප්තැම්බර් 08 වැනිදා සිට 18 වැනිදා දක්වා සිව්දින තරගාවලියත් පැවැත්වෙනු ඇත.
එක්දින කණ්ඩායම – පසිඳු සූරියබණ්ඩාර (නායක), ලහිරු උදාර, කමිල් මිශාර, පවන් රත්නායක, නුවනිඳු ප්රනාන්දු, සහන් ආරච්ච්ගේ, දුශාන් හේමන්ත, සොනාල් දිනූශ, චාමික ගුණසේකර, මොහොමඩ් ශිරාස්, වනුජ සහන්, චමිඳු වික්රමසිංහ, එශාන් මාලිංග, දිනුර කළුපහන සහ කවිඳු නදීශාන්
සිව් දින තරග සංචිතය – පසිඳු සූරියබණ්ඩාර (නායක), ලහිරු උදාර, පවන් රත්නායක, නුවනිඳු ප්රනාන්දු, අහන් වික්රමසිංහ, සොනාල් දිනූශ, චාමික ගුණසේකර, මොහොමඩ් ශිරාස්, නිශාන් පීරිස්, වනුජ සහන්, ඉසිත විජේසුන්දර, එශාන් මාලිංග, ඕෂධ ප්රනාන්දු, විශාද් රන්දික, ජනිත් ලියනගේ සහ දිනුර කළුපහන.