සැප්තැම්බර් 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළමු ඉනිම එංගලන්තය ලකුණු 23ක් ඉදිරියෙන්

    අගෝස්තු 23, 2024

    සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ දෙවන දිනය අවසානයේ සිය පළමු ඉනිමට පන්දුවට පහරදෙමින් සිටින එංගලන්ත කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 259ක් ලබා සිටියේය.

    අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඊයේ(22) දිනට නියමිත පන්දුවාර සියල්ල ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ අතර තරඟය නතර කරන විට එංගලන්තය ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 23ක් ඉදිරියෙන් පසුවිය.

    එංගලන්තය වෙනුවෙන් Harry Brook ලකුණු 56ක් ද Dan Lawrence ලකුණු 30ක් සහ Jamie Smith නොදැවී ලකුණු 70ක් ලබා ගැනීමට සමත් විය. පන්දු යැවීමේදී අසිත ප්‍රනාන්දු කඩුලු 3ක් සහ ප්‍රභාත් ජයසූරිය කඩුලු 2ක් ලබා ගත්හ.

    ශ්‍රී ලංකා කණ්ඩායම තම පළමු ඉනිමට සියළුදෙනා දැවී ලකුණු 236ක් ලබා ගැනීමට සමත් විය. අද(23) තරඟයේ තෙවන දිනයයි.

     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya