සැප්තැම්බර් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මිලාන් රත්නායකගෙන් මංගල තරඟයේදීම අර්ධ ශතකයක්

    අගෝස්තු 22, 2024

    සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර ඊයේ(21) ආරම්භ වූ පළමු ටෙස්ට් තරඟයේ පළමු දිනට තරඟය නතර කරන විට එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිමට කිසිවෙකු නොදැවී ලකුණු 22ක් ලබා සිටියා.

    කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිමට සියල්ලන් දැවී රැස් කළේ ලකුණු 236ක් පමණි. මුල් පෙළ පිතිකරුවන් අසාර්ථක වන විට නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ ධනංජය ද සිල්වා ලකුණු 74ක් රැස් කළේ බිඳ වැටුනු ශ්‍රී ලංකා පළමු ඉනිම ගෞරවාන්විත ලකුණු පුවරුවක් කරා ගෙන යමිනි.

    සිය මංගල ජාත්‍යන්තර වරම් හිමිකර ගත් මිලාන් රත්නායක වේගපන්දු යවන්නෙකු ලෙස කණ්ඩායමට එක් වෙමින් පසු පෙළ පිතිකරුවෙකු ලෙස තමන් සහභාගී වූ පළමු ටෙස්ට් තරඟයේදීම අර්ධ ශතකයක් වාර්තා කිරීම විශේෂත්වයකි. මිලාන් පන්දු 135කට මුහුණ දෙමින් ලකුණු 72ක් රැස් කළේ හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් ද සමගිනි.

    ඒ අනුව ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 236කට සීමා කළ එංගලන්තය වෙනුවෙන් Chris Woakes සහ Shoaib Bashir කඩුලු 3 බැගින් බිඳ හෙළීමට සමත් විය.

    ඊයේ දිනට තරඟය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි එංගලන්ත පිළ කිසිවෙකු නොදැවී ලකුණු 22ක් ලබා සිටියේය. එංගලන්ත අරම්භක පිතිකරුවන් යුගලය වූ Ben Duckett ලකුණු13ක් සහ Dan Lawrence ලකුණු 9ක් ලබා නොදැවී කඩුල්ලේ රැඳී සිටියහ.

     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya