සැප්තැම්බර් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දකුණු පළාත් අන්තර් පාසල් හොකී තරඟාවලියේ බාලක රන් කුසලාන මේදංකර සහ විද්‍යාලෝක විද්‍යාල හිමිකර ගනී

    අගෝස්තු 21, 2024

    ගාල්ල  දිස්ත්‍රික්කයේ ඇල්පිටිය අධ්‍යාපන කලාප බල ප්‍රදේශයට අයත් ගා/නියාගම විජිත මධ්‍ය මහා විද්‍යාලයීය  හොකී සංගමය  දකුණු පළාතේ ප්‍රමුඛ පාසල් රැසක්  සම්බන්ධ කර ගනිමින් දෙවන වරටත් සංවිධානය කරනු  ලැබූ දැවැන්ත හොකී තරගාවලිය සහ සැණකෙළිය පසුගියදා නියාගම වෘත්තීය පුහුණු ක්‍රීඩාංගණයේ දී ඉතා සාර්ථකව පැවැත්විණි. 

    දින 03ක් පුරා පැවැති මෙම තරඟාවලිය සඳහා දකුණු පළාතේ පාසල් 15ක් නියෝජනය කරමින් 14 න් පහළ බාලක, බාලිකා හොකී කණ්ඩායම් 20ක තරඟකරුවන් 400ක් පමණ සහභාගි විය.

    මෙම තරගාවලියේ “ඒ” කාණ්ඩයේ බාලක රන් කුසලානය ගාල්ල මේදංකර විද්‍යාලයත්, “බී” කාණ්ඩයේ බාලක රන් කුසලානය ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයත් දිනාගත් අතර, බාලිකා රන් කුසලානය ගාල්ල සවුත්ලන්ඩ් විද්‍යාල හිමිකර ගන්නා ලදි.  

    මෙම තරඟාවලියේ දක්ෂතම දැල් රකින්නිය ලෙස සවුත්ලන්ඩි විද්‍යාලයේ එච්.ඩ්.එම් අඹවත්ත සිසුවිය සහ දක්ෂතම දැල් රකින්නා ලෙස විද්‍යා‌ලෝක  විද්‍යාලයේ ජී.කේ.කේ තේජාන් පන්සිළු යන සිසුසිසුවියන් කුසලාන සහතික පත් ලබාන්නා ලදි.

    ක්‍රීඩා සමාජ ප්‍රදර්ශණ හොකී තරඟාවලියේ ජය යුධ හමුදා කේට්රියන්ස් කණ්ඩායම දිනා ගන්නා ලදි.

    මෙම හොකී තරගාවලියේ සමාප්ති උළෙල සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් උත්කර්ෂවත් අන්දමින් පැවැති අතර, එම අවස්ථාවට පිටිගල පොලිස් ස්ථානාධිපති, පොලිස් පරික්ෂක අර්ජුන වික්‍රමසිංහ, ගාල්ල දිස්ත්‍රික් හොකී සංගමයේ උප සභාපති රනවැල්ල ලියනගේ දිලුක් අසංක, නියාගම විජිත මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති රෝහණ වසන්ත, විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍ය දේශමාන්‍ය  නිහාල් ජයසිංහ, නියාගම විජිත මධ්‍ය මහා විද්‍යාලයේ හොකි ක්‍රීඩා පුහුණුකරු ඩි.ඩබ්ලිව් නලින්ද මහතා ඇතුලු ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya