සැප්තැම්බර් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එංගලන්තය සමඟ පළමු ටෙස්ට් තරඟය අද(21) ඇරඹේ

    අගෝස්තු 21, 2024

    සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරඟ 3කින් යුත් ටෙස්ට් තරඟාවලියේ පළමු තරඟය අද(21) ආරම්භ වනවා.

    මෙරට ‌වේලාවෙන් සවස 3.30ට Manchester හිදී තරඟ‍ය ආරම්භ වීමට නියමිතයි.

    ධනංජය ද සිල්වා ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වයෙන් පිටියට පිවිසෙන ශ්‍රී ලංකා කණ්ඩායමට නවක ක්‍රීඩක මිලාන් රත්නායක ඇතුළත් කර තිබීම විශේෂත්වයක්. ඒ අනුව වේගපන්දු යවන්නෙකු වන මිලාන් අද තරඟයේදී ජාත්‍යන්තර ටෙස්ට් වරම් හිමිකර ගැනීමට නියමිතයි.

    ආභාධයක් හේතුවෙන් පළමු තරඟයෙන් ඉවත් වූ එංගලන්ත නායක Ben Stokes වෙනුවට Ollie Pope පළමු ටෙස්ට් තරඟයේදී එංගලන්ත කණ්ඩායම මෙහෙය වනු ඇති.

    මීට පෙර ‍ 2002 වසරේදී ශ්‍රී ලංකා පිළ එංගලන්තය සමඟ එක් ටෙස්ට් තරඟයකට Manchester ක්‍රීඩාංගණයේදී සහභාගී වී ඇති අතර එම තරඟය කඩුලු 10කින් ජය ගැනීමට එංගලන්ත පිළ සමත් විය.

     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya