සැප්තැම්බර් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිරෝෂන් දික්වැල්ලට තරඟ තහනමක්

    අගෝස්තු 17, 2024

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයකු ලෙසින් කටයුතු කරන ලද ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලට වහාම ක්‍රියාත්මක වන පරිදි තරග තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

    තහනම් උත්තේජක සම්බන්ධයෙන් සිදුකරන ලද පරීක්ෂණයකදී එම නීති උල්ලංඝනය කිරීමේ චෝදනාව මත දික්වැල්ලට එරෙහිව පනවා තිබෙන දඬුවම නැවැත දැනුම් දෙන තුරු බලපැවැත්වෙන බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් දැනුම් දී සිටියි.

    කලක් ශ්‍රී ලංකා කණ්ඩායමේ උප නායකයකු ලෙසින්ද කටයුතු කරන ලද දික්වැල්ල මෙම තහනම හේතුවෙන් සියලුම ආකාරයේ ක්‍රිකට් තරගවලට සහභාගිවීමේ අවස්ථාව අහිමිව තිබේ. ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය පැවැත්වෙන අතරතුර ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්ධනායතනය විසින් සිදු කරන ලද මෙම පරීක්ෂණය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මැදිහත්වීමකින් සිදුකරන ලද්දකි.

    මෙය ක්‍රීඩා අමාත්‍යාංශයේ සහයෝගීතාවයෙන් සහ ලෝක තහනම් උත්තේජන මර්ධන නියෝජිතායතනයේ මාර්ගෝපදේශවලට අනුකූලව ක්‍රිකට් ක්‍රීඩාව තහනම් උත්තේජකවලින් තොරව පවත්වාගෙන යෑමේ අරමුණ පෙරදැරිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහයෝගය දක්වනු ලබයි. දේශීය තරග පැවැත්වෙන අවස්ථාවන් වලදී ක්‍රීඩා අමාත්‍යාංශය සහ ලෝක තහනම් උත්තේජන මර්ධන නියෝජිතායතනය සමඟ එක්ව අහඹු ලෙස ක්‍රීඩකයින් තෝරා ගනිමින් මෙම පරීක්ෂණ කටයුතු සිදුකරනු ලබයි.

     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya