ඒ අනුව ඔහු අගෝස්තු මස 16 වැනිදා සිට ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ කටයුතු කිරීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ එංගලන්තයට එරෙහිව පැවැත්වෙන මෙම තරඟවලිය ටෙස්ට් තරග 3 කින් සමන්විත වන අතර එම තරඟවලිය අවසන් වන තෙක් ඉයන් බෙල් අදාළ ධුරයේ කටයුතු කරනු ඇත.
එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 118 කට ක්‍රීඩා කර ඇති බෙල් එහිදී ලකුණු 7727 ක් රැස් කර ගැනීමට සමත්ව ඇත්තේ ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 42.69 ක් රඳවා ගනිමිනි. බෙල්ගේ නම ඉදිරියෙන් ටෙස්ට් ශතක සංඛ්‍යාව 22 ක් සහ අර්ධ ශතක 46ක් ලියැවී ඇත්තේ ඉනිමක දී ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස ලකුණු 235ක ද්විත්ව ශතකයක් ද සමගිනි.