නොවැම්බර් 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂක වියදම පොලිස් රෝහලේ වසරක වියදමට වඩා වැඩියි - අමාත්‍ය විජිත හේරත්

    නොවැම්බර් 06, 2024

    හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වසරකට වෙන් කර ඇති මුදල් ප්‍රමාණය සමස්ත පොලිස් නිලධාරීන්ට ඖෂධ ලබා ගැනීමට වෙන් කර ඇති මුදලටත් වඩා වැඩි බව අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් මහතා අවධාරණය කරයි.

    අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (06) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමිනි.

    හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ඒ වෙනුවෙන් සියයකට වඩා පොලීසියේ සහ හමුදාවේ නිලධාරීන් යොදවා ඇති අතර ඇතැම් ජනාධිපතිවරුන්ට 180ක පමණ ආරක්ෂක නිලධාරීන් පිරිසක් යොදවා ඇති බවයි. ආරක්ෂක භටයන් පමණක් නොව ආරක්ෂක රථ, බස්රථ , ඩිෆෙන්ඩර් , ත්‍රීරෝද රථ , බයිසිකල්, ගිලන්රථ ආදී සියල්ල සපයා ඇති අතර දළ වශයෙන් පොලීසියේ ආරක්ෂව ලබා දීම සහ සෙසු නඩත්තු කටයතු වියදම් සඳහා රුපියල් මිලියන 1100 පමණ වැය වන බවට ගණන් බලා ඇති බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

    වසරකට වැයවන මෙම වියදම පොලිස් රෝහලේ වසරකට වැයවන වියදමට වඩා වැඩි බව පෙන්වා දුන් අමාත්‍යවරයා මෙවැනි කටයුතු වෙනස් කළ යුතු බවත් පෙන්වා දුන්නේය. ඒ වෙනුවෙන් කමිටුවක් පත් කර ඇති අතර කමිටුවේ නිර්දේශ මත ඉදිරියේදී කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කෙරෙන බවත් එම කැබිනට් පත්‍රිකාව අනුව හිටපු සියලු ජනාධිපතිවරුන්ට සමානුපාතික ක්‍රමයට ආරක්ෂාවට අදාළ පියවර ගන්නා බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    ඒ මහතා ප්‍රකාශ කළේ වි‍ශේෂ ආරක්ෂක අවශ්‍යතාවන් සහිත හිටපු ජනාධිපතිවරුන් වෙනුවෙන් විශේෂ වශයෙන් ආරක්ෂාව ලබා දීමට පියවර ගන්නා බවයි.

    හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියට ලබා දී ඇති ආරක්ෂාව ඉවත් කර නොමැති බවත් ඇයට මේ වනවිටත් 57දෙනෙකු ආරක්ෂාව සඳහා යොදවා ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya