දෙසැම්බර් 12, 2024
tami eng youtube  twitter facebook

    Ace Capital අන්තර් සමාජ එක්දින ශූරයෝ වෙති

    අගෝස්තු 12, 2024

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති අන්තර් සමාජ ප්‍රධානතම සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට Ace Capital කණ්ඩායම ඊයේ (11) සමත්වීය. 

    ඒ කොළඹ SSC ක්‍රීඩාංගණයේ පැවැති අවසන් මහා තරඟයේදී ප්‍රබල සී.සී.සී. කණ්ඩායමට එරෙහිව කඩුලු 4 ක ජයක් වාර්තා කරමින්.

    තරඟයේ පළමුව පන්දුවට පහර දුන් සී.සී.සී. කණ්ඩායම පන්දුවාර 45.5 ක් අවසනදී සියලු දෙනා දැවී ලකුණු 251 ක් රැස් කර ගැනීමට සමත්විය. එම ඉලක්කය හඹා ගිය ඒස් කැපිටල් පිතිකරුවෝ ඉලක්කය පන්දු 5 ක් සහ කඩුලු 4 ක් ඉතිරිව තිබියදී රැස් කර ගැනීමට සමත්විය.

    ඒස් කැපිටල් පිල වෙනුවෙන් සුපිරි පිතිහරඹයක් දියත් කළ සම්මු අශාන් පන්දු 111 කදී නොදැවී ලකුණු 97 ක් ලබා ගත්තේ විශිෂ්ඨ පිතිහරඹයක නියැළෙමිනි. එතරම් කලබලයක් නොදැක්වූ සම්මු තම ඉනිම හයේ පහර 3 කින් සහ හතරේ පහර 7 කින් වර්ණවත් කර ගත්තේය.

    තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා සඳහා පිදෙන සම්මාන Ace Capital නායක තනුක දාබරේ විසින් දිනා ගනු ලැබීය. ඔහු පන්දු යවමින් කඩුලු 14 ක් සහ පන්දුවට පහර දෙමින් ලකුණු 221 ක් රැස් කර ගනිමින් එම වටිනා සම්මානය හිමිකර ගත්තේය. ඒ වෙනුවෙන් ඔහුට පිරිනැමුණු මුදල රුපියල් ලක්ෂ 15 ක් විය.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනන විධායක කමිටු සාමාජික සහ තරගාවලි සංවිධාන කමිටු සභාපති සමන්ත දොඩන්වෙල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ජය සංකේත ප්‍රධානයේදී ශූරතාව දිනූ Ace Capital පිලට ශූරතා කුසලානට අමතරව මුදලින් ලක්ෂ 30 ක මුදලක් ද අනුශූරතාවට පත් සී.සී.සී. ක්‍රීඩා සමාජයට මුදලින් රුපියල් ලක්ෂ 25 ක මුදලක්ද හිමිවිය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya