තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්රී ලංකා කාන්තා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට අයර්ලන්ත කාන්තා කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 6 ක් දැවී ලකුණු 145 ක් ලබා ගත්හ.
පන්දු යැවීමේදී ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඉනෝෂි ප්රියදර්ශනී කඩුලු 2 ක්, උදේශිකා ප්රබෝධනී හා සුගන්දිකා කුමාරි එක් කඩුල්ල බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ ශ්රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 16 යි පන්දු 4 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 149ක් ලබා ගනිමින් පහසුවෙන් තරඟයේ ජය හිමිකර ගැනීමට සමත් විය.
ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්රීඩා කළ හර්ෂිතා සමරවික්රම නොසදැවී ලකුණු 86 ක් රැස් කිරීමට සමත් වූ අතර ඇයට අනගි සහායක් ලාබදුන් විශ්මි ගුණරත්න ලකුණු 30ක් රැස් කළාය.
ඒ අනුව තරඟ 2කින් යුත් විස්සයි-20 තරඟාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට ශ්රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය.