ඔක්තෝබර් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රට නියෝජනය කිරීමේදී හොඳ විනයක් තිබිය යුතුයි – සනත් ජයසූරිය

    ජූලි 26, 2024

    මින් ඉදිරියට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජය කිරීමේදී ජාත්‍යන්තර තරග වලට සහභාගිව යුත්තේ නිසි පරිදි වූ විනයක් සහිතව බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තාවකාලික ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය මහතා සඳහන් කරනවා.

    ඉන්දියාව සමඟ ආරම්භ වීමට නියමිත විස්සයි-20 සහ එක්දින තරඟාවලිය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවති මාධ්‍ය හමුව අතරතුරේදී මේ බව ප්‍රකාශ කළේය.

    "අපි ලොකු වෙනස්කම් කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. ඒත් පොඩි පොඩි දේවල් වුණත් පිළවෙළකට කරන්න ඕන. දැනට අපි කියලා තියෙන්නේ ජාත්‍යන්තර තරග වලට එනකොට කොණ්ඩා මෝස්තර, කරාබු, පච්ච වගේ දේවල් ගෙදර තියලා එන්න කියලා" යැයි වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේය.

    කණ්ඩායමේ ක්‍රීඩකයන් තුළ පවතින විනය, තරඟ ප්‍රතිඵලයන්ට මෙන්ම සෑම අංශයකටම ඍජුවම බලපාන හෙයින් ඒ පිළිබඳව ද අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වන බව ද හිටපු නායක ජයසූරිය වැඩිදුරටත් පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya