සැප්තැම්බර් 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පලමු තරඟයෙන් ශ්‍රී ලංකාවට අමිහිරි පරාජයක්

    ජූනි 04, 2024


    2024 පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිව්වන තරගය ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවති තරගය කඩුලු 6 කින් ජය ගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම ඊයේ(03) සමත් වුණා.



    නිව්යොර්ක් හිදී පැවති මෙම තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් පන්දුවාර 19 යි පන්දු 1 ක්  අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 77 ක් පමණයි.

    පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 19 ක්, ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 16 ක්, කමිඳු මෙන්ඩිස් ලකුණු 11 ක් හා දසුන් ශානක ලකුණු 9 ක් ලබා ගත්තා. පන්දු යැවීමේදී දකුණු අප්‍රිකා කණ්ඩායම වෙනුවෙන් Anrich Nortje කඩුලු 4 ක් හා Keshav Maharaj කඩුලු 2 ක් බිඳ හෙළීමට සමත් වුණා.

    පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකා කණ්ඩායම 17 වන පන්දුවාරයේදී කඩුලු 4 ක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා. පන්දු යැවීමේදී වනිඳු හසරංග කඩුලු 2 ක් හා දසුන් ශානක හා නුවන් තුෂාර එක් කඩුල්ල බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.

    ලකුණු 7කට කඩුලු 4ක් බිඳ හෙලූ Anrich Nortje තරඟයේ වීරයා බවට පත්විය. ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගීවන මීලඟ තරඟය ලබන 8 වනදා බංග්ලාදේශය සමඟ පැවැත්වීමට නියමිතයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya