මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමස්ත ලංකා පාසල් බාලිකා ක්‍රිකට් තරගාවලියේ ශූරතාව අනුලා විද්‍යාලයට

    සැප්තැම්බර් 25, 2014

    දෙවැනි වරට පැවති සමස්ත ලංකා පාසල් බාලිකා ක්‍රිකට් තරගාවලියට දිවයින පුරා පාසල් බාලිකා ක්‍රිකට් කණ්ඩායම් 42ක් සහභාගී වූ අතර තරගාවලියේ ශූරතාව දිනා ගත්තේ නුගේගොඩ අනුලා විද්‍යාලයයි. 


    ක්‍රිකට් තරගාවලියේ සහතික හා කුසලාන ප්‍රදානෝත්සවය අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය අඟහරුවාදා (23) කොළඹ වෙස්ලි ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

    ගාල්ල දිස්ත්‍රික්කයේ රත්ගම දේවපතිරාජ විද්‍යාලය අනුශූරතාව දිනා ගත් අතර තෙවන ස්ථානය මොනරාගල දිස්ත්‍රික්කයේ ඔක්කම්පිටිය විජයබාහු විද්‍යාලය හිමි කර ගත්තේය.


    අවසන් තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව නුගේගොඩ අනුලා විද්‍යාලයේ හංසනී මධුෂිකා පෙරේරා ශිෂ්‍යාව වන අතර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන හිමි කර ගත්තේ රත්ගම දේවපතිරාජ විද්‍යාලයේ ඩබ්ලිව්. මලීෂා දිල්හාරී ශිෂ්‍යාවයි. ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ අනුග්‍රහයෙන් මෙම තරගාවලිය පැවැත්විණි.


    ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ක්‍රිකට් පුහුණුකරුවන් සඳහා ගෙවීම් සිදු කිරීමට එකඟතාවක් ඇති කර ගන්නේ නම් අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කර කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව ද ඉහළ මට්ටමට ගෙන ඒමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙහිදී පැවසීය.


    ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම්  නිශාන්ත රණතුංග මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


    NDH/kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya