අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංදර්ශනයක් මොනරාගල දී

    සැප්තැම්බර් 07, 2014
    ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංදර්ශනයක් මොනරාගල කාර්මික විද්‍යාල ක්‍රීඩාංගණයේ දී හෙට (08) සහ අනිද්දා (09) දිනවලදී පැවැත්වීමට ශ්‍රී ලංකා යුද හමුදාව කටයුතු යොදා ඇත.
     
    ඒ අනුව සංදර්ශන දිනපතා පස්වරු 2.00ට ආරම්භ කෙරේ.
     
    කෙටි කාලයක් තුළ දී වාහනයක් ගලවා නැවත සවි කිරීම, පාලමක් ඉදි කිරීම, හමුදා ශාරීරික අභ්‍යාස හා සරඹ සංදර්ශන, පැරෂූට් සංදර්ශන, කාලතවක්කුවක් ඉතා කෙටි කාලයකදී ගලවා නැවත සවි කිරීම හා හමුදාව විසින් ත්‍රස්ත මර්දන කටයුතු සිදුකරන ලද ආකාරය ද මෙම පිරික්සුම් පහන් සංදර්ශනවලදී ප්‍රදර්ශනය කරනු ලැබේ.
     
    යුද හමුදා නිලධාරීන්ගේ දක්ෂතාවන් තම ගම්බිම්වල සිටින ඥාති මිත්‍රාදීන්ට පෙන්වීම සඳහාත් රණ විරුවන්ගේ අභිමානය ඇතිවන පරිදිත් හමුදාව මගින් පවත්වනු ලබන හමුදා සංදර්ශන දිවයින පුරා පැවැත්වීමට කටයුතු යොදා ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya