මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමස්ත ලංකා පාසල් පාපැදි තරගාවලිය හෙට අනුරපුර දී

    සැප්තැම්බර් 06, 2014

    සමස්ත ලංකා පාසල් බාලක බාලිකා පාපැදි ශූරතා තරගාවලිය හෙට (07) අනුරාධපුරයේදී පැවැත්වේ.


    අධ්‍යාපන අමාත්‍යාංශය වාර්ෂිකව පවත්වනු ලබන මේ තරගාවලිය සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ ප්‍රධාන අංගයකි. 

     

    හෙට පෙරවරු 8.00ට අනුරාධපුර ජයන්ති මාවතේ සීදේවි ෆැමිලි සුපර් ආයතනය අභියසින් ආරම්භ වන තරගය ජයන්ති වටරවුම, මිහිඳුපුර, කුරුණෑගල හන්දිය, තිසා වැව, කොරකෑව, 2 කණුව, බන්ධනාගාරය ඉදිරිපිටින් නැවත ආරම්භක ස්ථානයට පැමිණීමෙන් එක් තරග වටයක් අවසන් වේ. 

    බාලක තරගය වට 05කින් ද බාලිකා තරගය වට 03කින්ද සමන්විත වේ. අධ්‍යාපන අමාත්‍යාංශය, උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා අංශය හා අනුරාධපුර කලාප අධ්‍යාපන කාර්යාලයේ සහයෝගයෙන් මෙය පැවැත්වේ. ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය හා අනුරාධපුර දිස්ත්‍රික් පාපැදි සංගමය මේ තරගය මෙහෙයවයි.


    තරගාවලියේ ප්‍රධාන ආරාධිතයා ලෙස උතුරු මැද ප්‍රධාන අමාත්‍ය රංජිත් සමරකෝන් මහතා සහභාගිවීමට නියමිතය. 

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya