අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ක්‍රිකට් ආයතනයේ ප්‍රකාශය සම්බන්ධයෙන් කණගාටුවෙනවා

    අප්‍රේල් 08, 2014

    විස්සයි/20 ලෝක කුසලාන ක්‍රිකට් තරග සඳහා ඉදිරියේ දී තමන් හා කුමාර සංගක්කාර සහභාගිනොවන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාධ්‍ය වෙත ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් තමන් කණගාටුවට පත්වන බව ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන මහතා පැවසීය.


    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (08) බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පරිශ්‍රයේ දී පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

    තමන් එම විස්සයි/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි සඳහා ඉදිරියේ දී සහභාගි නොවන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුවත් කිරීමක් සිදු කොට නොතිබුණු බවත් එසේ තිබියදී මෙවන් ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් කණගාටුවට පත්වන බවද පැවසීය.

    අවසන් තරගය ජයග්‍රහණය කිරීම සම්බන්ධයෙන් තමන් සතුටට පත්වන බවත් තමන් දක්ෂතා අතරේ නොසිටි මොහොතක ඒ වෙනුවට තිරිමාන්න ක්‍රීඩා කිරීමට යොමු කළ බවත් පැවසූ ක්‍රිකට් ක්‍රීඩක දිනේෂ් චන්දිමාල් මහතා තිරිමාන්ත ඒ සඳහා යොමු කරනු ලැබුවේ කණ්ඩායමේ සියලු දෙනා සාකච්ඡා කිරීමෙන් අනතුරුව බවත් පැවසීය.

    ලසිත් මාලිංග ලෝකයේ අංක එකේ සිටින පන්දු යවන්නෙක් බවත් අවසන් තරගයේ දී වේග පන්දු යවන්නන්ටද නායකත්වය ලබාදිය හැකි බව මාලිංග ඔප්පු කොට පෙන් වූ බව පෙන්වා දුන් ඒ මහතා සියලු දෙනාගේ දක්ෂතාව හා කුසලතාව මත ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට හැකිවූ බවත් පෙන්වා දුන්නේය.

    අවසන් තරගයේ දී තමන් නායකයා ලෙසින් කටයුතු කළ බවත් එහිදී තමන් අයිපීඑල් තරග සඳහා සහභාගි වී ඉන්දීය ක්‍රීඩකයින් සමග ලබා තිබූ අත්දැකීම් පිටුවහලක් වූ බවත් ක්‍රිකට් කණ්ඩායමේ නායක ලසිත් මාලිංග මහතා වැඩිදුරටත් පැවසීය.

    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya