මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාත්‍යන්තර විමර්ශනයකට මානව හිමිකම් කොමිසමට බලතල නැහැ - ඉන්දියානු විදේශ ලේකම්

    අප්‍රේල් 11, 2014

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම පසුගිය දා සම්මත කර ගත් යෝජනාවට අනුව ශී‍්‍ර ලංකාව පිළිබඳ ජාත්‍යන්ත‍ර පරීක්ෂණයක් පැවැත්වීම එහි බලතල ඉක්මවා යාමක් යයි ඉන්දියානු විදේශ ලේකම් සුජාතා සිං මහත්මිය පැවසුවාය.


    ඕනෑම රටක මානව හිමිකම් පිළිබඳ විමර්ශනය කිරීම එම රටේ රජයට භාර කටයුත්තක් බව ඉන්දියාව කවදත් දරණ ප‍්‍රතිපත්තියයි ඇය කීවාය.


    සී.එන්.එන්. හා අයි.බී.එන් රූපවාහිනි සාකච්ජාවකදි සුජාතා සිං මහත්මිය කියා සිටියේ පසුගිය මස ජිනිවාහිදී ඉන්දියාව ඡන්දය දීමෙන් වැළකී සිටි බැවින් එරටට දැන් ශී‍්‍ර ලංකාව සමඟ යම් කරුණු සම්බන්ධයෙන් කිට්ටු සහයෝගිතාවකින් කටයුතු කිරීමට මග විවෘත වී ඇති බවය. ඉන්දියාව දෙමළ ජනතාව පිළිබඳ ප‍්‍රශ්නයේදී බලාපොරොත්තු වන්නේ කුමක්ද යන්න ශී‍්‍ර ලංකාව හොඳින් දන්නා බවත් ඉන්දියාවට අවශ්‍යව ඇත්තේ දෙමළ ජනතාවගේ යහපත ආරක්ෂා වන බව සහතික කිරීමට බවත් විදේශ ලේකම්වරිය පැවසුවාය.


    අන්‍යෝන්‍ය යහපත සුරැකෙන පරිදි ඉන්දියාව ශී‍්‍ර ලංකා රජය සමඟ සමීප සබඳතාවක් දිගටම පවත්වා ගන්නා බව සිං මහත්මිය පැහැදිලි කළාය.


    පසුගිය මස ජිනීවාහිදි ඉන්දියානු නිත්‍ය නියෝජිත දිලීප් සිං මහතා ශී‍්‍ර ලංකාවට එරෙහි යෝජනාවේ ජාත්‍යන්තර විමර්ශනයක් සඳහා වූ 10 වෙනි වගන්තිය ඉවත් කරන ලෙස ඉල්ලා සිටියේය. එහෙත් එම ඉල්ලීම එක්සත් ජනපදයේ සහ යුරෝපීය සාමාජිකයින්ගේ වැඩි ඡන්දයෙන් ප‍්‍රතික්ෂේප කෙරුණි. ඉන් පසු ඉන්දියාව මානව හිමිකම් මණ්ඩලයේ යෝජනාව පිළිබඳ ඡන්දයේ දී ඡන්දය දීමෙන් වැළකී සිටියාය.

     
    HC/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya