මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ක්‍රිකට් ලෝක ශූරයන් ශ්‍රී ලංකාවට

    අප්‍රේල් 08, 2014
    විස්සයි 20 ලෝක කුසලා‍නය දිනූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම රැගත් මිහින් එයාර් ගුවන් සේවයට අයත් MJ 502 ගුවන් යානය කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.
     
    විශේෂ අමුත්තන් පිළිගැනීමේ පර්යන්තයෙන් පැමිණෙන ඔවුන් කටුනායක ගුවන්තොටුපළේ සිට විවෘත බස් රථයකින් ගාලු මුවදොර දක්වා රැගෙන ඒමට නියමිතය.
     
    විවෘත බස් රථයේ ගමන් කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින්ට සුබපැතීමට මග දෙපසට එක්වන්නැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජනතාවගෙන් ඉල්ලයි.
     
    එම බස් රථය කොළඹ - කටුනායක පැරණි පාර ඔස්සේ සීදූව, ජා ඇල, කඳාන, මහබාගේ, හැඳල, වත්තල, පෑලියගොඩ, ඔරුගොඩවත්ත, බොරැල්ල, කනත්ත වටරවුම, බෞද්ධාලෝක මාවත, බම්බලපිටිය ඔස්සේ ගාලුපාරට පැමිණ ගාලු මුවදොරට ළඟා වීමට නියමිතය. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya