අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බ්‍රිගේඩියර් ජයවර්ධනට ජාතික රගර් සංගමයේ යාවජීව සාමාජිකත්වය

    අප්‍රේල් 08, 2014

    ශ්‍රී ලංකාවේ රගර් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් දීර්ඝකාලීන මෙහෙවරක නිරත බ්‍රිගේඩියර් ජේ.පී.ඒ. ජයවර්ධන මහතාට ශ්‍රී ලංකා රගර් සංගමය විසින් එහි යාවජීව සාමාජිකත්වය පිරිනමනු ලැබීම පසුගියදා සිදුකෙරිණ.

    1966 වසරේදී මහනුවර ත්‍රිත්ව විදුහලෙන් පාසල් රගර් පිටියට පිවිසි ඒ මහතා පසුව හැව්ලොක් හා යුද හමුදා කණ්ඩායම්වලට එක්වී එහි නායකත්වයද දරමින් දෙස් විදෙස් තරග රැසකට එක්විය.

     

    රගර් පුහුණුකරුවකු වශයෙන් එක්සත් රාජධානියේ හා නවසීලන්තයේ විශේෂ පුහුණුව ලබා ඇති ජයවර්ධන මහතා යුද හමුදා රගර් පුහුණුකරු මෙන්ම ආරක්ෂක අංශ තුළ රගර් ක්‍රීඩාව වෙනුවෙන් විශේෂ මෙහෙවරක් ඉටුකර ඇත.

     

    එමෙන් ම 1993-95 කාලයේදී ශ්‍රී ලංකා රගර් සංගමයේ සභාපති වූ ඒ මහතා තේරීම් කමිටු සභාපතිවරයා මෙන්ම 1999-2000 රගර් විනිසුරුවන්ගේ සංගමයේ සභාපති ලෙසද කටයුතු කර තිබේ. කාන්තා රගර් ක්‍රීඩාව මෙරටට හඳුන්වාදීමේ පුරෝගාමියා වන්නේද බ්‍රිගේඩියර් ජයවර්ධන මහතාය. වසර 45කට වැඩි කාලයක් තුළ රගර් ක්‍රීඩාව වෙනුවෙන් ඒ මහතා කළ සේවය අගයකරමින් ශ්‍රී ලංකා රගර් සංගමයේ යාවජීව සාමාජිකත්වය ඒ මහතාට පිරිනැමීමට හේතුවිය. ජයවර්ධන මහතා වර්තමාන ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පෞද්ගලික ලේකම්වරයා වශයෙන් කටයුතු කරයි.

     

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya