අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දීය මහ මැතිවරණය අද

    අප්‍රේල් 07, 2014
    ඉන්දියාවේ 16 වැනි ලෝක් සභාව පිහිටුවීම සඳහා පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණය අද (07) ආරම්භ වන අතර ඡන්ද විමසීම මැයි 12දක්වා පැවැත්වේ. 
     
    මෙවර මැතිවරණය අදියර 09ක් යටතේ ක්‍රියාත්මක වේ. එරට ඉතිහාසයේ දීර්ඝතම මැතිවරණය ලෙස සැලකෙන මෙම මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරිම මැයි 16 වන දින සිදු කිරීමට නියමිතව ඇත.
     
    ඉන්දීය ලෝක් සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරාගැනීම සඳහා ඡන්ද කොට්ඨාස 543ක මෙම මැතිවරණය පැවැත්වේ. 15වන ලෝක් සභාව මැයි 31වන දින එහි ව්‍යවස්ථාමය වරම අවසන් කිරීමට පෙර මැයි 16දා මෙම මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් කෙරෙනු ඇත.
     
    මෙවර ඉන්දිය මහ මැතිවරණය සඳහා ඡන්ද දායකයින් මිලියන 814.05ක්  ඡන්දය භාවිත කිරිම සඳහා සුදුසුකම්  ලබා ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව මිලියන සියයක වැඩිවීමකි. 
     
    ඉන්දීය ඉතිහාසයේ දීර්ඝතම හා වියදම් අධිකම මැතිවරණය මෙය වන අතර ආරක්ෂාව හා තනි දේශපාලන පක්ෂ වෙනුවෙන් වන වියදම් හැර රුපියල් බිලියන 35ක් භාණ්ඩාගාරය මඟින් වැය වෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya