ඒ අනුව හෙට පස්වරු 4.00ට පරණ කොළඹ - මීගමුව මාර්ගයෙන් විවෘත බස් රථයකින් ටොරින්ටන්හි ක්රිකට් මූලස්ථානය දක්වා පැමිණෙනු ඇත. ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම පිළිගැනීමටත් මහා මාර්ගය දෙපස සිට ඔවුන්ට ආචාර කිරීමටත් ක්රීඩාලෝලී ජනතාවට අවස්ථාව එහිදී හිමිවනු ඇත.
ශ්රී ලංකා කණ්ඩායම මීට පෙර පන්දු වාර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලි දෙකකදී අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ජයග්රහණය ගිලිහී ගියත් මෙවර ලෝක කුසලානය හිමිකර ගැනීමට සමත්වූහ.
DB