අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විස්සයි20 ලෝක කුසලාන ශ්‍රී ලංකාවට

    අප්‍රේල් 06, 2014

    විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ අද (06) ඉන්දියාව සමඟ පැවති අවසන් තරගයෙන් කඩුලු 6ක ජයක් වාර්තා කිරීමට ශ‍්‍රී ලංකා කණ්ඩායමට හැකි විය.

     

    වැසි සහිත කාලගුණ තත්ත්වය නිසා තරගය ප්‍රමාද වී ආරම්භ වූ අතර කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා පිල පන්දු රැකීමට තීරණය කළේය.

     

    ඒ අනුව මුලින් පන්දුවට පහරදීමට පිටියට පිවිසි ඉන්දියානු කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේදී කඩුලු 4ක් දැවී ලකුණු 130ක් ලබාගත් අතර විරාත් කෝලි ලකුණු 77ක් එයට එක් කළේය.

     

    ශ‍්‍රී ලංකා කණ්ඩායමේ මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර සිය අවසන් විස්සයි20 තරගය වෙනුවෙන් අද තරගයට එක්ව සිටියහ.

     

    මෙම තරගයේ දී මහේල ජයවර්ධන විස්සයි20 ක්‍රිකට් තරගවලදී ලකුණු 1000 සීමාව පසුකළ ලොව පළමු ක්‍රීඩකයා බවට අද පත් වූ අතර විශිෂ්ට පිතිහරඹයක යෙදුණු කුමාර් සංගක්කාර නොදැවී ලකුණු 54ක් රැස් කළේ ය.

     

    පන්දුවාර 17.5කදී ශ‍්‍රී ලංකා කණ්ඩායම ලකුණු 134ක් ලබාගනිමින් විස්සයි20 ලෝක කුසලානය ජයග්‍රහණය කළේය.

     

    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya