අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බංග්ලාදේශය පරාජය කරමින් කරමින් ශ්‍රී ලංකාව සුපිරි වටය අරඹයි

    ඔක්තෝබර් 25, 2021

    බංග්ලාදේශය පරාජය කරමින් කරමින් ශ්‍රී ලංකාව සුපිරි වටය අරඹයි

    ක්‍රීඩක චරිත් අසලංක, ගොඩ නවන ලද ලකුණු 80 ක නොබිඳුණු ඉනිමත්, 30 වැනි උපන්දිනය, පළමු විස්සයි-20 අර්ධ ශතකයෙන් සරසා ගැනීමට භානුක රාජපක්ෂ සමත්වීමත්වීම නිසා සුපිරි 12 තරග වටය ආරම්භ කරමින් බංග්ලාදේශයට එරෙහිව පැවැති තරගයෙන් කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (24) පස්වරුවේ සමත්විය.

    පලමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ පිළ පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 171ක් ලබා ගත්තා. එහිදී මොහොමඩ් නයීම් ලකුණු 62ක් සහ මුෂ්ෆිකර් රහීම් නොදැවී ලකුණු 57ක් ද රැස් කිරීමට සමත් විය.

    ලකුණු 172 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවෝ පන්දුවාරයකට 8.56 ක දළ වේගයක් රඳවා ගත යුතුව තිබූ හඹා යෑමේදී පන්දු 7 ක් ඉතිරිව ඉලක්කය සපුරා ගත්හ. බංග්ලාදේශයට එරෙහිව මෙතෙක් විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියක පරාජයට පත්ව නොමැති ශ්‍රී ලංකා කණ්ඩායම අද වාර්තා කරන ලද ජයග්‍රහණයත් සමඟ ජයග්‍රාහී ප්‍රතිශතය තවදුරටත් 100% කින් ආරක්ෂා කර ගැනීමටද සමත්වූවේය.

    ඒ් අනුව විස්සයි-20 ලෝක කුසලාන තරඟාවලියේ සහභාගී වූ සියලු තරඟ ජයග්‍රහණය කරමින් අපරාජිත ඉදිරයට යාමට ශ්‍රී ලංකා පිළ සමත්ව තිබෙනවා. ශ්‍රී ලංකා පිළ සහභාගී වන මීලඟ තරඟය ලබන 28 වනදා ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වීමට නියමිතයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya