මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංචාරක කර්මාන්ත ආයෝජනය කේන්ද්‍ර කරගනිමින් සවුදි - ලංකා සාකච්ඡා

    අගෝස්තු 29, 2014

    සවුදි උප ඔටුන්න හිමි මක්රින් බින් අබ්දුල්අසීස් අල් සවුද් (Muqrin bin Abdulaziz Al Saud) කුමාරයා හා සවුදි ශ්‍රී ලංකා තානාපති මොහොම්මඩ් හුසේන් මොහොම්මඩ් මහතා විසින් සවුදි අරාබි රාජ්‍යය හා ශ්‍රී ලංකාව අතර ආයෝජන අවස්ථා හා සංචාරක කර්මාන්තය නගාසිටුවීම පිළිබඳ සාකච්ඡාවක් පසුගිය සඳුදා (25) ජෙඩා නගරයේදී පවත්වන ලදි.


    මෙම සාකච්ඡාව දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා කේන්ද්‍ර කරගනිමින් සිදු වූ බව මොහොම්මඩ් මහතා අරාබි ප්‍රවෘත්ති අංශයට පවසා ඇත. ආකර්ෂණීය අනුග්‍රහයක් හා පෙළඹවීමක් ලැබුණොත් සවුදි ව්‍යාපාරිකයන් ශ්‍රී ලංකාව වැනි රටවල ආයෝජනය සඳහා කැමැත්තක් දක්වනු ඇති බව උප කුමාරයා විශ්වාස කරන බව මොහොම්මඩ් මහතා තවදුරටත් ප්‍රකාශ කර ඇත.

     

    සවුදි ආයෝජකයින් හවුල් ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා ආකර්ෂණය කරගැනීමට ක්‍රියාත්මක වන බවද ඔහු විසින් පැහැදිලි කරන ලදී. ඒ මහතා විශ්වාස කරන පරිදි ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම සවුදි ව්‍යාපාරිකයන් සඳහා සැලකිය යුතු හොඳ ආදායමක් උත්පාදනය කරගැනීමට හැකි වනු ඇත.

     

    බොහෝ සවුදි සංචාරකයන් නිතර ශ්‍රී ලංකාවට පැමිණෙන බව හුසේන් මොහොම්මඩ් මහතා පැවසීය. මෙම සංචාරයන් පවුල් සඳහා නිවාඩු ගතකිරීම සඳහා ශ්‍රී ලංකාව තෝරා ගැනීම දක්වා වර්ධනය කිරීම තමාගේ අරමුණ බව ඔහු පවසන ලදී. සංචාරයට කැමති ස්ථාන නැරඹීමට විනෝද වීමට සවුදි පවුල් වෙත උපරිම පෞද්ගලිකත්වයක් හා ආරක්ෂාවක් ශ්‍රී ලංකවෙන් ලැබෙන බවද ඒ මහතා අවධාරණය කළේය.

     

    ශ්‍රී ලංකාවේ හා රජය විසින් ත්‍රස්තවාදය පරාජය කර නැවත නගාසිට වූ සාමකාමී වාතාවරණය සියැසින් දැක ගැනීමට තානාපතිතුමන් විසින් මක්රින් බින් අබ්දුල්අසීස් අල් සවුද් කුමාරයාට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ආරාධනා කරන ලදී.

     

    ශුද්ධ වු මුස්ලිම් දේවස්ථන දෙක භාරව සිටින අබ්දුල්ලා රජතුමන් විසින් අවශ්‍ය වූ විට ලංකාවට දක්වන නොමඳ සහය පිළිබඳ තානාපතිතුමන් සිය ස්තූතිය පිරිනමන ලදී.

     

    හුසේන් මොහොමඩ් මහතා ඊයේ (28) අබ්දුල්ලා රජතුමන් බැහැ දැක සිය විශ්වාස පක්ෂපාතීත්වය දක්වා තම අක්තපත්‍ර භාරදීමට ද කටයුතු කළේය.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya