අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දසවන ආසියානු තරුණ වොලිබෝල් තරගාවලියේ පළමු කණ්ඩායම අද දිවයිනට

    අගෝස්තු 28, 2014

    රටවල් 15ක සහභාගීත්වයෙන් පැවැත්වෙන දසවන ආසියානු තරුණ වොලිබෝල් තරගාවලියට සහභාගීවීම සඳහා පැමිණෙන කණ්ඩායම් අතරින් පළමු කණ්ඩායම අද (28)  දිවයිනට ළඟා වීමට නියමිතය. 


    මෙම කණ්ඩායම් 15 අතරින්, ජසීම් මොහොමඩ් මහතාගේ කළමනාකාරීත්වයෙන් යුත් බහරේන් තරුණ වොලිබෝල් කණ්ඩායම අද පෙරවරුවේ දිවයිනට පැමි‍ණෙයි.


    සැප්තැම්බර් 5 සිට 13 දින දක්වා කොළඹ, සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගාවලියට ඕස්ට්‍රේලියාව, බහරේන්, චීනය, ඉන්දියාව, ඉරානය, ජපානය, කසකස්ථානය, කොරියාව, සෞදි අරාබිය, මාල දිවයින්, කටාර්,  චීනය, හොංකොං  සහ ටර්කිස්ථානය යන රටවල් සහභාගී වේ.

    දසවන ආසියානු තරුණ වොලිබෝල් තරගාවලියේ සත්කාරක රාජ්‍ය වශයෙන් ආසියානු කලාපීය සෙසු රටවල් අතරින් ශ්‍රී ලංකාව තෝරා ගැනීම මෙරට වොලිබෝල් ක්‍රීඩා ක්ෂේත්‍රයට මහත් අභිමානයක් බවත් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, සබරගමුව පළාත් සභාවේ සභාපති, ආසියානු තරුණ වොලිබෝල් තරගාවලියේ තරග කමිටු සහ මාධ්‍ය කමිටු සභාපති කංචන ජයරත්න මහතා පැවසීය. 

    කංචන ජයරත්න මහතා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව ලෙස නම් කර ඇති වොලිබෝල් ක්‍රීඩාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර තරගාවලියක් ලංකාවේදී පැවැත්වීම ශ්‍රී ලංකාවට අතිශය වැදගත් වන බවයි. 

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya