අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාසා තීරයට ගිවිසුමක් මඟින් තාවකාලික සාමයක්

    අගෝස්තු 28, 2014

    සති හතක කාලයක් පමණ ගාසා තීරයේ පැවති සන්නද්ධ අරගලය නිමා කර ගිවිසුමක් පිහිටුවීම මඟින් තාවකාලික සාමයක් ළඟා කරගත් බව බව පලස්තීන ජනාධිපති මොහොමඩ් අබ්බාස් (Mahmoud Abbas) මැතිතුමන් ප්‍රකාශ කර ඇත.


    මෙම ගිවිසුම නව දේශයක් ගොඩනැගීමට අවස්ථාවක් බව ගිවිසුම සඳහා වක්‍රාකාරව මැදිහත්වූ ඊජිප්තුවට, කටාර් හා ඇමරිකාවට පලස්තීන ජනාධිපතිවරයා සිය ස්තූතිය ප්‍රකාශ කිරීමට ප්‍රථම පවසා සිටියේය.

     

    ඊශ‍්‍රායල ප‍්‍රහාරවලින් පලස්තීන හමාස් සංවිධානයට දරුණු ලෙස හානි සිදු වූ අතර ඔවුන්ගේ ඉල්ලීම් කිසිවක් දිනාගැනීමට නොහැකි වූ බව ඔහු පැවසීය.


    ගාසා තීරයේ ගැටුම්වලින් පලස්තීනුවන් 2101 දෙනෙකු මියගිය අතර ඊශ්‍රායලීය වැසියන් 70ක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

     

    දීර්ඝ කාලීන සටන් විරාමය ක‍්‍රියාත්මක වීමත් සමග සාමාන්‍ය වැසියන් ගාසා තීරයට යළි පැමිණෙමින් සිටින බව ද විදෙස් වාර්තා තවදුරටත් සඳහන් කරයි. 

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya