අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිමුත්ගේ හා තිරිමාන්නගේ ශතක සබදතාවයෙන් ශ්‍රී ලංකා පිළ පලමු දිනයේ සිය අනසක පතුරවයි

    අප්‍රේල් 30, 2021

    සංචාරක බංග්ලාදේශ පිළ සමඟ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ඊයේ (29) ආරම්භ වුණු දෙවැනි ටෙස්ට් තරගයේදී පළමු දිනට තරඟය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලකට ලකුණු 291 ක් ලබා සිටී.

    ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසි නායක දිමුත් කරුණාරත්න සහ ළහිරු තිරිමාන්න එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩනංවන ලද වාර්තා ගත ලකුණු 209 ක ලකුණු සම්බන්ධතාවත් සමඟ පලමු දිනය අවසාන වන විට ශ්‍රී ලංකා පිළ ඉතා ප්‍රභල ස්ථානයකට පැමිණීමට සමත්ව තිබේ.

    වසර 21 කට පසු ශ්‍රී ලංකා පිතිකරුවන් දෙදෙනෙකු ශ්‍රී ලංකාව තුළදී ලකුණු 200 ඉක්මවා රැස් කරගත් පළමු අවස්ථාව ලෙස දැක්විය හැක. අවසන් වරට මෙරටදී ලකුණු 200 සීමාව පසුකරමින් 2000 වසරේදී සනත් ජයසූරිය සහ මාවන් අතපත්තු විසින් පාකිස්තානයට එරෙහිව ලකුණු 335 ක් රැස් කිරීමට සමත් විය.

    නායක දිමුත් කරුණාරත්න ලකුණු 118ක් රැස්කර සිටියදී ශොරිෆුල් ඉස්ලාම්ගේ පන්දුවක් හමුවේ කඩලු රකින ලින්ටස් දාස් හට උඩ පන්දුවක් ලබා දෙමින් දැවී ගියේය. ඊයේ(29) දිනයට තරඟය නතර කරන විට ළහිරු තිරිමාන්න ලකුණු 131 ක් හා ඕෂද ප්‍රනාන්දු ලකුණු 40 ක්ද ලබා නොදැවී ක්‍රීඩා කරමින් සිටී. අද(30) තරගයේ දෙවැනි දිනයයි.

    -Sri Lanka Cricket-

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya